Thursday, December 22, 2011

රජයේ රැකියා දියවූ.... දියවූ....

අවුරුදු 13 ක් පාසැල් ගිහින් කැම්පස් යන්නත් තේරුනා. කැම්පස් ගියයි කියමුකො.  ඔන්න ඉන්නවා එතන සයිකෝ පොරවල් ටිකක් රැග් කරන්න. දහදුක්  විඳලා රැග් එකත් කන්නම වෙනවා. සමහරුන්ට ඕක මාර ආතල්. තව ටික දෙනෙක් ඉන්නව තමන්ට සිදු උන දේවල්  වලට පළිගැනීමේ අදහසක් යටි හිතේ තැන්පත් උන. මෙහෙව් පොරවල් තමයි  ඔය ඊලග අවුරුද්දේ First  year එකේ යට රැග්කරන්න සැදී පැහැදී ඉනනෙ. ඒ
අය තමයි ජොබ් කරන්න ඇවිත් සියුම් විදිහට තමන් එක්ක එකට ඉන්න අයටත් කැපිල්ල දාන්නෙ.

කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දටත් ආව. ඔන්න අමුතු අමුතු දේවල් හිතෙන්න ගන්නවා....... මාර විදිහට, සමහර දේවල් ගැන උපන්දා ඉදල කැම්පස් එනකම් නොතිබුන කැක්කුමක් එනව.
මේ එක් වසරක් කැම්පස් ගිය  උගත් පිරිසට අධ්‍යාපනේ තියෙන අඩුපාඩු, ශිෂ්‍යයින්ට තියෙන අඩුපාඩු පේන්න ගන්නවා. ඉගෙන ගැනිල්ල අමතක වෙනව. හීනෙන් පෙනෙන්නෙත් අධ්‍යාපනේ තියෙන අඩුපාඩු, රතුපාට තීන්ත, ලස්සනට හැඩ වැඩ දාල  ලියාපු අකුරු, බෝඩ් ලෑලි, මාර්ග බාධක, කැරලි මර්ධන පොලෝසිය, මාධ්‍ය සාකච්චා,  ......  තව මෙකී නොකී වලියට බර බොහෝ දේ. ඇයි කාල් මාක්ස්,  චේ, S B .......  තරහ නිවා ගන්න බෝඩිමේ ඇඳේ එහා පැත්තේ ඉන්න එකාටත් රෑට හීනෙන් පයින් ගහනව.

හුගක්ම කලාවට බර අය‍ට  තමයි මේ වගේ සිතුවිලි පහල වෙන්නෙ. විද්‍යා,
වාණිජ විෂයන් හදාරල කැම්පස් ගිය අය‍ට ඔය අමාරුව ගොඩාක් අඩුයි. ජපුරෙන් Management degree එක ගත්ත මගේ යාලුවෙක් කියනවා "ආර්ට් එකේ computer  lab  එකේ බලු බල්ලෙක් නැහැ බන්. අපේ ඒවයෙ පිරිල. අපිත් යන්නේ ආර්ට් එකේ computer  lab එකට තමයි " කියල.  කැම්පස් එකෙන් අවුට් වෙනකොට වර්ජන කොරන්නයි, ඕන දේටයි එපා දේටයි දෙකටම කෑගහන්නයි, පවතින ඕනෑම ආණ්ඩුවකට බනින්නයි, පෙළපාලි යන්නයි, පොලොසියට ගල් ගහන්නයි, හූ කියන්නයි, ...... තමයි දන්නෙ. ඉගෙන ගත්තු දේකුත් නැහැ. නැති දේකුත් නැහැ. කොහොම හරි Degree එක OK .
ඉතින් රැකියා විරහිත උපාධි ඇත්තෙක්.Computer  එකක mouse  එකක් ගැන ඇහුවොත් කියයි "නිදහස් අධ්‍යාපන  ක්‍රමයට වින කරන්න ආපු  තවත් එක් අහිතකර ගැජට් එකක් " කියල.  ඔන්න ජොබ් ගන්න පෝලිමේ.
 රජයේ රැකියා දියවූ.... දියවූ.... රජයේ රැකියා දියවූ.... දියවූ.... ඔන්න ඔහොමයි ඊලග බර බරේ.

ඇයි අනේ රජයේ රැකියාම ඉල්ලන්නෙ?
ගුරු, පරිපාලන සේවය, අමාත්‍යන්ස, අධිකාරි, සංස්ථා ....... වගේ තව කොයි තරම් අයිස් ගහන්න පුළුවන් තැන් තියෙනවද රජයට සම්බන්ධ. (දැනටත් මාර කාර්යක්ෂමයි නොවැ ඔය තැන්.) අනික මෙලෝ නිපුණතාවක් නැති පිරිසක් කොයි ප්‍රයිවෙට් කොම්පැනි කාරයද ගන්න කැමති. අරගත්තත් වර්ජන කොරන්නයි, ඕන දේටයි එපා දේටයි දෙකටම කෑගහන්නයි, පෙළපාලි යන්නයි ම තියෙන දේශපාලන කොම්පැනියක්ම වෙන්න ඕන ඒක. වැඩ නෑ.
හොයල බලන්නකෝ රජයේ ඔෆිස්  එකක ඔය අය හැසිරෙන විදිහ. යටි කූට්ටු වැඩ ගොඩායි. ඔය උපාධි නැති, එත් පළපුරුද්දෙන් වැඩ කරන්න පුළුවන් අය‍ට තියෙන කැපිල්ල. ඊ ලගට වැටුප් විෂමතා ගැනත් කෑගනවා.
Word  දන්නෙ නෑ
Excel  දන්නෙ නෑ
powerpoint , illutrator , Photoshop , Programming දන්නෙ නෑ. මොනවද කරලා තියෙන computer courses .... දන්නෙ නෑ... දන්නෙ නෑ.... දන්නෙ නෑ.......
එතකොට computer ....?  යකෝ දන්නෙ නෑ ...... අනං මනං හොයන්නේ නැතුව අපිට රජයේ රස්සා දියවූ. අපි degree  එකක් තියෙන අය.............

විශේෂයි -----

තම ශක්තියෙන් නැගී සිටින, යහපත් ලෙස රැකියාව කරන, රටට බරක් නොවු උපාධිධරන්ට නොවේ.

Wednesday, December 21, 2011

ආයෙත් "ත්‍රිමාණ" බ්ලොග් අවකාශයේ....

බොහෝ කාලයක් නිහඩව හිටිය..... ඒ තිබුන අධික වැඩ නිසාමයි. හැම දේම සිද්ධ උනේ කාර්ය්‍ය බහුල විදිහට ජීවිතේ ගෙවෙන ගමන්.... ඒත් පුලුවන් හැම වෙලේම බ්ලොග් අතර කාලය ගත කලා..... මගෙ ත්‍රිමාණ බ්ලොග් එක ආයෙත් ලියන්න ඕන කියල තීරණය කලා..... මාව කාලෙකට පස්සෙ කොයි විදිහට අනිත් බ්ලොග් මිතුරන් පිලි ගනීද දන්නෙ නැහැ ...... බලමු .......


කංචු .......
Related Posts with Thumbnails