ඒ අම්ම දුක හංගාගෙන සතුටින් හිටියෙ. ඒක මේ හැමෝටම පොදු දෙයක්. හැමදාම එයා උදෙන්ම ඇහැරෙනව. එයාගෙ කාමරේ ඉදල එලියට ඇවිත් මේ කොරිඩෝව දිගේ ඇවිදගෙන ගිහින් එළියට බහිනව. ඊට පස්සෙ හිමි හිමිහිට යනව මීටර් තිහක් හතලිහක් විතර ඈතින් තියෙන ගේට්ටුව ගාවට. ඒ ගිහින් එතන තියෙන මල් පඳුරු අතර සක්මන් කර කර ඉන්නව. ඒ ඉන්න ගමන් පාර දිහා සැරින් සැරේ එබි එබී බලනව. එයා හොඳට අඳුනනව ගේට්ටුව ගාවින් හැමදාම උදේට යන සුදු පාට කාර් එක. එයා ඒ සුදු පාට කාර් එක ඈත තියා දකිනකොට ටිකක් කලබල වෙනව. ඉක්මනට අර මල් පඳුරු වලට මුවා වෙලා ගේට්ටුව පහු කරගෙන යන කාර් එක දිහා බලාගෙන ඉන්නව. ඊට පස්සෙ එතන තියෙන, ඒ තරම් උස නැති ගල් බැම්ම උඩ වාඩි වෙලා ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නව. එහෙම ඉදල ආපහු තමන්ගෙ කාමරයට යනව.
හවසටත් එක වෙලාවක් තියෙනව මේ විදිහට ගේට්ටුව ගාවට යන. ඒ තමයි උදේ ගිය කාර් එක ආපහු අනිත් පැත්තට යන වෙලාව.....
මෙයත් එක්ක ඉන්න අනිත් අය වගේම මමත් මේ සිද්ධිය දැකල තියෙනව. අපි කවුරු හරි මේ අම්මගෙන් "අර සුදුපාට කාර් එක" ගැන ඇහුවහම සුන්දර හිනාවකින් පිළිතුරු දෙනව ඇරෙන්න වෙන කිසි දෙයක් කියන්නෙ නැහැ. මේ අම්ම මීට සති දෙකකට විතර උඩදි අන්ත්‍රා උනා. එයාගෙ අවසන් කටයුතු රජයේ වියදමින් කලා.
ටික දවසකින් අපිට ආරංචි උනා මේ සුදු පාට කාර් එකේ යන්නෙ රජයේ වෛද්‍ය වරයෙක් කියල.ඒ අර මියගිය අම්මගෙ එකම පුතා.... මරණය කියන එක මේ අයට ගොඩාක් දුක හිතෙන දෙයක් නෙමෙයි. එයාල මෙතන ඉන්න ටික කාලෙට මරණ කීයක්නම් දකිනවද...............
මේ කතාව අපිට කිවුවෙ මීරිගම තවලම්පිටිය රජයේ වැඩිහිටි නිවාසයේ පාලනාධිකාරී තුමා. දිනය 2008 වෙසක් පොහොයට පසුදා. අපි මේ වැඩිහිටි නිවාසයට ගියා. අපි කිවුවෙ අපේ ගමේ කොල්ලො ටික. අපේ ගමේ කොල්ලො කට්ටියගෙම සංවිධානයෙන් (බොහෝ සම්බන්ධීකරන කටයුතු ආසිරි මල්ලි විසින් ඉටු කලේ) ගමේ හැමෝගෙම උදවුවෙන් අපි මේ වැඩිහිටි නිවාසෙට වසරක් පාසා දහවල් කෑම වේලක් පිරිනමනව. හවසට ස්වාමීන් වහන්සෙ කෙනෙක් වැඩම කරවීමෙන් පුංචි ධර්ම දේශණාවකුත් පවත්වනව. පුංචි තුවාල වලට බෙහෙත් දාන්න ඕන කරන බෙහෙත් වර්ග, වේදනා නාශක පෙති සහ බාම් වර්ගත් අපි අරගෙන ගියෙ.
මේ අයට කෑම වේලටත් වඩා වටින්නෙ අපේ පැමිනීම නේද කියල ඒ අයගෙ කතා බහෙන් වගේම වැහැරී ගිය මුහුණු වල ඇඳුන අව්‍යාජ සිනහවෙන් අපි හැමෝට තේරුනා. අපේ දෙමව්පියන්, ගමේ වැඩිහිටියො, අපේ පුංචි ගමේ කඩමංඩියෙ තියෙන කඩ කිහිපයක ව්‍යාපාරිකයො වගේම වාහන සැපයීමෙන් වාහන අයිති කිහිප දෙනෙකුත් අපට ලොකු සහයක් දුන්න. ගමේ හුඟ දෙනෙක් එදාට මේ වැඩිහිටි නිවාසයට යනව. මේ වසරෙත් පොසොන් පෝයට මේ කටයුත්ත සිදු කෙරුන. (මම 2008 අග භාගයේ විදේශගත උනා. ඉතින් මට 2008න් පස්සෙ මේ කටයුත්තට සහභාගි වෙන්න බැරි උනා.) එතන වැඩිහිටියන් වගේම මන්ද මානසික අයත් ඉන්නව. ඔක්කොම 350ක් විතර.
ඇත්තටම මේ කටයුත්ත හිතන තරම් අමාරු නැහැ. අවශ්‍ය වෙන්නෙ හැමෝගෙම එකමුතුව විතරයි. ගෙදරකින් එක ව්‍යයාංජනය ගානෙ හදල ලොකුවට බතක් උයා ගත්ත. කලින් දවසෙ රාත්‍රියෙ පටන්ගත්ත ෆුඩ් සැලඩ් එකේ වැඩෙත් කොල්ලො කෙල්ලො හැමෝගෙම සහයෙන් කෙරුන. වැඩේ බොහොම අපූරුවට සිද්ධ උනා.
මේ තරම්ම කට්ටිය නැතත් පුංචි පුංචි වැඩිහිටි නිවාස රට පුරාම තියෙනව. මේවායින් සමහරක් නඩත්තුවට රජයෙන් වගේම නොයෙක් සංවිධාන වලින් මුදල් ලැබෙන බව ඇත්තයි. ඒත් ඒ මුදල් සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ගේ නඩත්තුවටම යනවද කියන එක සැකයි.
අනික මුදල්, කෑම බීම, ඉන්න හිටින්න සුව පහසු තැනක් ලැබුනාටම නොලැබෙන දෙයක් අපිට එක දවසකට හරි ඒ අයට දෙන්න පුලුවන්. අපි දුන්නෙ එක දවසකට උනාට පුලු පුලුවන් හැමෝම මේ විදිහට සංවිධානය වෙනවනම් වසරකට දවස් ගනනාවක් ඒ අයට අපේ ඇසුර, ආදරය, කරුණාව හිමි වේවි. ඒ අය මොහොතකට හරි සතුටින් හිඳීවි.
අපි කොයි තරම් දේවල් අපේ සතුට වෙනුවෙන් සංවිධානය වෙලා කරනවද.......
උත්සාහ කලොත් බැරි නැහැ මෙහෙම වැඩ කටයුත්තක් සාර්ථක කරගන්න. මම මුලින්ම ලියල තියෙන ඒ අම්මගෙ කතාව වගේ තව කතා සිය දහස් ගනනක් ඇති අපි අහලම නැති..........
යන්න....... අහන්න ඒ අයගෙ කතාවත්........
අහලම බලන්න කොයි තරම් දුක්මුසු තැන් තියෙනවද කියල.......
ලිපියේ ඉහලින්ම තියෙන ඡායාරූපයත් සමඟ ලිපියේ පහලින් තියෙන්නෙ 2008-05-18 දින මගේ කැමරාවේ සටහන් උන, මම සහ මගේ යාළුවන් විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයක්.

අගේ ඇති වැඩක් සහෝ....
ReplyDeleteඔයගොල්ලෝ ගිය මේ වැඩිහිටි නිවාසේ වගේ වැඩිහිටි නිවාස කොච්චරක් අපේ පුංචි ලංකාව ඇතුළේ තියෙනවද..?
මම හොඳින්ම දන්න වැඩිහිටි නිවාස කිහිපයක්ම තියෙනවා... සමහර එව්වා සුපිරි පන්තියේ අය කලින්ම වෙන් කරවා ගත් එව්වා...
තවත් සමහර එව්වා යන එන මං නැති වැඩිහිටියන් සඳහායි. මේවා කවුරුන් සඳහා වුණත් මේ හැම එකකම ඉන්න වැඩිහිටියෝ විඳින දුකේ වෙනසක් නැහැයි කියලයි මම හිතන්නේ....
මේ අයට උදව් කරනවා නම් ඊට වඩා පිණක් තවත් නැතිව ඇති...
මේ අයට කෑම ඇඳුම් ආදී දේ නම් කොහෙන් හරි ලැබෙනවා ඇති. ඒත් ඔවුන්ට ඇත්තටම ඕන කරන සතුට ලැබෙන්න නම් ඒ දෙවල් සමග අපිත් ගිහින් පැය කීපයක් වත් ඔවුන් එක්ක ඉන්න ඕන. තමන්ගේ දුක සැප තමන්ම බෙදා ගන්න ඔවුන්ට අපි වගේ අය හමුවුනාම ඒක සතුටක්. තමන්ගේ අතීතය සිහි වෙනවා ඇති. ඔබ කර ඇත්තේ ගොඩක් වටිනා දෙයක්. මේ වගේ අය ඉන්න එක ඇත්තටම සතුටක්. බ්ලොග් එකත් දැන් හොඳට යනවා. සුභ පැතුම්!!!!
ReplyDeleteJeew සහ ප්‍රියන්ත අයියා කියල තියෙන කතා ඇත්ත...
ReplyDeleteකාලයකට කලින් මේ වගේ දෙයකට දායක වෙන්න මටත් අවස්ථාව ලැබුණා... ඒ ඉස්කෝලේ යන කාලේ මයේ හිතේ...
ඊට පස්සෙ අපේ යාළුවෝ ටිකක් එකතුවෙල පිහිටුවාගත්තු බුදුසරණ ළමා සමාජය මගින් මේ වගේ දානමය පින්කමක් සංවිධානය කළා හැබැයි ඒක නම් ළමා නිවාසයකට...
අයියල කරල තියෙන්නෙ ලොකු පින්කමක්!
අයියලට ඒ වෙලාවේ දැනුණ හැඟීම් මොනවගේද කියල මට හිතාගතහැකි...
Jeew,
ReplyDeletepriyantha.ඒබී,
ansarasidu,
බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.......
වඩාත්ම දුක හිතෙන දේ තමයි මේ නිවාසයෙ අපේ ගමේ, අපි දන්න කියන, අඳුනන කිහිප දෙනෙකුත් ඉන්න එක. අපි ගියහම එයාලගෙ දුක කියව කියව අඩනව. අපි ආපහු එනකොටත් එහෙමයි.
ඒ අය ගැන වෙන වෙනම ලියනවනම් කතා ගොඩාක් තියෙනව. ඒ අය අපේ සමාජයේ මිනිස්සුන්ගෙ අමිහිරි ක්‍රියා කලාප නිසා අසරණ උන තවත් කොටසක්.
මේකට ටිකක් කිට්ටුවෙන් යන සටහනක් මගේ බ්ලොග් එකේ ඊයේ පෙරේදා දැම්මා..
ReplyDeleteවෙලාවක් තියේ නම් පොඩ්ඩක් බලන්ඩ..
http://jeew-jeew.blogspot.com/2010/09/blog-post_04.html
වැදගත් සටහනක් කංචු.
ReplyDeleteඔයාව අඹ ගහ යටට ලින්ක් කරගත්තා.
මල්ලිට කියන්න මම මේ සටහන කියවන කොට ඊලඟ නිවාඩුවට ගියහම වැඩිහිටි නිවාසයකට දානයක් දෙන එක ගැන කල්පනා කරමින් හිටියේ... මගී කිට්ටුම කෙනෙක්ගේ කාරණයක් මත... මාව තවත් දිරිමත් ව්නා මේක දැකලා... බොහොම ස්තූතියි...
ReplyDeleteඒ වාගේමයි අර කලු සුදු පොටෝ ටික පංකාදුයි...
දවසක මටත් එහෙම ඉන්න වේවිඩෝ කියලත් හිතුනා...
අගේ ඇති වැඩක්. අපේ ගොඩක් අයට වැඩිහිටි නිවාස මතක් වෙන්නෙ ඔක්තෝම්බර් පළවෙනිදට විතරයි
ReplyDeleteමේ අම්මල තාත්තලගේ මූනු දකින කොට හරිම වේදනාවක් දැනෙනෙනෙ. තමන්ගෙ දරුවො ලොකු මහත් කරන්න කොච්චර නම් දුක් විඳින්න ඇතිද මේ මිනිස්සු. අද මේ වගේ තැනකට වෙලා තනිකම තමන්ගෙ දරුවා කරගෙන කොච්චර හිතෙන් විඳවනවා ඇතිද ?
ReplyDeleteඕකේ තව පැත්තක් තියෙනව අයියලා ... මොකද මම දන්න කියන කෙනෙක් ඉන්නව කොච්චර සැලකුවත් ඒ වයසක සීයට ඕනි වැඩිහිටි නිවාසෙකට ගිහින් ඉන්නමයි... සමහරු ඉන්නව නේ අයිය ..
ReplyDeleteකාටත් මේ කල යනවා .. ජීවිතේ හැටි ඔහොම තමයි...
සමහර ගෙවල් වල නම් පොඩි වුන් නැති තැනේ නාකි බඩගා යයි කියල අහල ඇතිනේ. දරුවන්ටම බනින එකත් අසාධාරණයි... දරුවන්ගෙන් යැපෙන්න හිතන් දුක් වෙන එකත් දුකක් තමයි.
නියම වැඩක් සහෝ.. මේ පෝස්ට් කියෙව්වාම මට සැරයක් අපි වැඩිහිටි නිවාසයකට දීපු දානයක් මතක් උනා.. එ මිනිස්සුන්ගේ හැගීම් නියමාකාරව තෙරුම් ගන්න පුලුවන් වෙන්නෙ එහම තැනකට ගියපුවාමයි.. ඒ අය කොච්චර අසරණද කියලා මට හදවතටම ඒ වෙලාවෙ දැනුනා..
ReplyDelete@ අඹ ගහ යට
ReplyDeleteස්තූතියි අඹ ගහ යට අයට.......
@ තිස්ස දොඩන්ගොඩ
බය වෙන්න එපා... හිත හොඳ මිනිස්සුන්ගෙ දරුවො තමන්ගෙ දෙමවුපියන්ව අත් හරින්නෙ නැහැ. තිසා අයිය ගැන මමත් තේරුම් අරගෙන නොවැ ඉන්නෙ සෑහෙන දුරට.....
@ හරී
ReplyDeleteස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට...
ඔය තනි දවසට මමනම් ඒ තරම් එකඟ නැහැ. අවුරුද්දෙ දින 365 ම ඒ අය ගැන හොයල බලන්න ඕන අපිට අපිට පුලු පුලුවන් වෙලාවට.
@ දුමී
ඒ ගැන අපි හිතන කොට අපිට දැනෙන දුක මෙහෙම නම් ඒ අයගෙ හිත් ගැන මොන කතාද නේද දුමී අයිය......
@ wath
ReplyDeleteසාදරයෙන් පිළිගන්නව කංචුගෙ ත්‍රිමානයට...........
ඔයා කියන කතාවෙ ඇත්තක් නැත්තෙම නැහැ. මම මෙතනදි මූලිකවම චෝදනාව එල්ල කරන්නෙ දරුවන්ගෙ පහත් වැඩ නිසා සමහරුන්ට වැඩිහිටි නිවාස වලට යන්න වීම ගැනයි. හැබැයි වයසට යනකොට සමහරු දඩබ්බර වෙනව තමයි. ඒත් ඒ අපේ දෙමවුපියොනෙ.
@ කැළණිතිස්සඑල එල මචෝ.....
පුලු පුලුවන් වෙලාවට සෙට් වෙලා මේ වගේ වැඩ කරමු අපි. වටිනව ඒක ගොඩාක්....
දරුවන්ගේ සෙනෙහස මත
ReplyDeleteසිටිය යුතු අය තැන තැන
ඒත් තවමත් ඒ අය
තම දරුවෝ ගැන සෙනෙහසින්
ඇත්තටම අගේ ඇති වැඩක්...
ReplyDelete