කතා ටික රසවත්ද කියන්න මට තේරෙන්නෙ නැහැ. රටකට ගිය කල කියල හිතෙන කොට ගොඩාක් දුකයි.
මම වසර කිහිපයකට කලින් වැඩ කරපු ආයතයේ සමහර කාල වලට වැඩ වැඩි වෙනව.ඉතින් පාන්දර ඔෆීසියට එන්න ඕන වගේම සමහර දවස් වලට එදා දවසට කරන්න තියෙන වැඩ ටික ඉවර වෙනකොට හොඳටම රෑ වෙනව.එහෙම කාල වලට ප්‍රවාහන පහසුකම් ඉතින් ඔෆීසිය ගානෙ.ඔෆීසියෙම ඉන්න අයිය කෙනෙක්ගෙ වෑන් එකක් තියෙනව හයර් එකට ඔෆීසියට ගන්න. වෑන් එක අයිති අයිය වගේම එලවන හාදයත් ලෝකෝත්තරයො කියුවොත් වැරදි නැහැ. දෙන්නම මගෙත් හොඳ යාලුවො තමයි. ඒත් ලඟින් ගියොත් ඇහැක් නැහැ. (නරකක් කරන අය නෙමෙයි. මඩ කප්පිත්තො. මොකක් හරි අංචියක් ඇදල මඩක් ගහන්න උපන් ගෙයි හපන්නු.)
අපේ ඔෆීසිය තිබුනෙ කොළඹ යුනියන් පෙදෙසෙ. ඔන්න එදා අපි ටිකක් පාන්දර වැඩට ඇවිත් හවස හය විතර වෙනකොට කරන්න තිබුන වැඩ ඉවර වෙලා වෑන් එකේ නැගල ගෙදර එන්න පිටත් උනා. මීට අවුරුදු හතරකට පහකට කලින් මතකයිනෙ කොටි කලබල නිසා කොළඹ අඩියෙන් අඩිය පොලිස් බැරියර් තිබුන හැටි. ඔන්න මරදානෙදි ඇල්ලුව වෑන් එකට STOP බෝඩ් එක.
ඔක්කොම පොලිස් රාලහාමිල දහයක් විතර හිටිය එතන. සිග්නල්,හෙඩ්, ඩිම් ලයිට් චෙක් කලා වැඩද බලන්න.මට මතක විදිහට හෙඩ් ලියිට් දෙකෙන් එකක් වැඩ නැහැ. අපිත් ඉතින් එතන හිටිය අයට කියල කියල හරි අමාරුවෙන් දඩයක් නොකා බේරෙන්නයි ට්‍රයි කලේ. කොහොම හරි අවවාද ගොඩාක් මැද, හෙඩ් ලයිට් එකක් නොමැති වීමෙන් අපට ඇති වෙන අවදානම ගැන කරුණු පහදා දීමකින් අනතුරුව අපට නිදහස ලැබුන. ටික දුරක් වෑන් එක ඉස්සරහට යන ගමන් අපේ මෑන් මෙන්න මෙහෙම කියනව.
" ඔය කියෝල කියෝල යන්න දුන්නට අනිත් පොලිස් බැරියර් වලටත් මේ වෙනකොටත් මැසේජ් එකක් ගහල ඇති ඔන්න කෑමක් එනවා කියල. මම කාල තියෙනව ඔය ලණුව එක සැරේකුත්." පේනව නේද තනියෙන් නෙමෙයි, බෙදා හදාගෙන කන්නෙ මේ අය. ඒ දේවල් වලට තියෙන සමගිය......

මේ කතාවත් ඔෆිස් ඇරිල, අපි කෂ්ටිය ඔය වෑන් එකෙන්ම ගෙදර එන ගමන් උන දෙයක්. අපි කොළඹින් පිටත් වෙලා නිට්ටඹුව පැත්තට එනව ඔන්න. මතක විදිහට පෑලියගොඩ පහු උනා විතරයි. ඇල්ලුව පොලිසියෙන්. වංගු වලදි ඔය කාපට් පාරෙ ඇඳල තියෙනවනෙ ඉරි දෙකක්. ඔක කැපිල යන විදිහට වාහනයක් එලවනව කියන්නෙ ලඟ පාත ඉන්න පොලිස් රාළහාමිලාගෙ අත මිට සරු කරනව කියන එක. ඔන්න අපේ රියදුරු මහත්තයත් බැහැල ගියා. ටික වෙලාවක් ගියා. මිනිහ එන පාටක් නැහැ. අපිත් නිකමට වගේ වාහනෙන් බැහැල ගියා ඒ පැත්තට. අපි මීටර් කීපයක් ඈතින් ඉඳගෙන මොකෝ මේ වෙන්න යන්නෙ කියල බලාගෙන හිටිය. ඔන්න ටික වෙලාවකට පස්සෙ එනව අපේ රියදුරු මහත්තයත්. අපිත් ගිහින් වෑන් එකට නැග්ග.
"ඔයාල එතනට ඇවිත් වැඩේ කෑවනෙ. මිනිහට මන් සල්ලි දීල බේරෙන්න හදන කොට ඔයාල අවායින් වැඩේ ගැස්සුනානෙ. "යාලුවො ටික වැඩේ කෑව නේද?" කියල මිනිහ මගෙන් ඇහුව."
මෙන්න මෙහෙම අපේ රියදුරු මහත්තය අපිට දෝස්මුරේ තියන්න ගත්ත.
මේ කියන්න යන්නෙත් තවත් එක සිදු වීමක්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මුල් කතාවෙ මෑන්ටම තමයි.
ලංකාවෙ හොඳට පාර කාපට් කරල් තියෙන පාගල යන්න පුලුවන්, එක කෙලින් පාර තියෙන තැන් තියෙනවනෙ. ඔන්න ඔය තැන් වලට එනව ට්‍රැෆික් පොලිසියෙන්. ඔය රාළහාමිල දෙතුන් දෙනෙක් සෙට් වෙලා ඇවිදින් මොකක් හරි එකකට මුවා වෙලා වේගෙන් එන වාහන වලට අල්ලනව අර වේගමානය. ඕකෙ සටහන් වෙන වේගෙ හැට පැන්නොත් බඩුම තමයි.
ඔන්න අපේ වෑන් එක එලවන හාදය දවසක් කොහේදෝ යද්දි පොලිසියෙන් අල්ලල. හේතුව "වේගෙ වැඩියි". ඔන්න අපේ හාදයත් ආපු වේගෙට අර ට්‍රෆික් පොලිස් රාළහාමිල පහු කරගෙන මීටර් විසි පහක් විතර දුර ගිහින් වෑන් එක නවත්තල. සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවට පර්ස් එකේ සල්ලි වෑන් එක ඇතුලෙ කොහාට හරි දාල තමයි මෑන් වෑන් එකෙන් බහින්නෙ. එදත් වෑන් එක නවත්තල වෑන් එකෙන් බහින ඇහිල්ලට පර්ස් එකේ තිබුන සල්ලි වෑන් එක ඇතුලෙම හංගල තමයි මෑන් වෑන් එකෙන් බැහැල තියෙන්නෙ. ඔන්න ලයිසන්, ඉන්ෂූවරන්ස් එහෙම අරගෙන අර රාළහාමිල ලඟට ගිහින්. දැන් දඩයක් ලියන්නයි ලෑස්තිය. අපේ මෑන් දන්න කියන සෙල්ලම් දාල නාහෙන් අඬල දඩේ ලියන්න දෙන්නෙ නැතුව. ඒත් ලියන්න හැදුවට නොලිය ඉන්නමයි රාළහාමිලගෙත් උත්ත්සහය කියල තේරිලා අපේ මෑන්ටත්. අපේ මෑනුත් ලියන්න එපා කියල දුක කියන ගමන් සමහර වෙලාවට අත් දෙක එකතු කරල වැඳ වැඳ නාහෙන් අඬනව මිසක් කීයක් හරි දීල බේරෙන්න පොඩි උත්සාහයක්වත් අරන් නැහැ. ( මිනිහ මහ පාර මැද දන ගහල උනත් වඳී. ඉපදිලා ටිකදවසකින් ලැජ්ජ නහරෙ කපාපු පොරක්.....) අන්තිමට අර රාලහාමිලටම මේ කරච්චලේ එපාවෙලා "අපිට සලකනවනම් අපිත් සලකනව" කියල කියල. ඔන්න ඊට පස්සෙ අපේ මෑන් පර්ස් එක එහෙම එලියට අරගෙන අර රාළහාමිලට පේන්නම ඇදල ඇදල පර්ස් එකේ මුල්ලක ගුලි වෙලා තිබුන රුපියල් දහයෙ නෝට්ටු දෙකක් ඒ කියන්නෙ රුපියල් විස්සක් එලියට අරගෙන නාහෙන් අඬන ගමන් රළහාමි කෙනෙක්ට දික් කොරල "මෙච්චරමයි අත සන්තකටම තියෙන්නෙ" කියන ගමන්.

"කියන්න අප්පිරියයි බං මූ ඒක ගත්තනෙ. අරගෙන මට කියනව මම උඹෙන් මේ රුපියල් විස්ස අරගෙන උඹට යන්න දෙනවට මට කනට එකකුත් ගහල පලයන් කියල." අපේ මෑන් කතාව ඉවර කලේ ඔන්න ඔහොම කියන ගමන්.