Monday, August 2, 2010

විසිල් එකක්... මලා හුටා.....


විසිල් එකක්... මලා හුටා.....
ලයිසන් එක...?
මෙන්න සර්...
ඉන්ෂූරන්ස්...?
මෙන්න සර්...
කොහෙද යන්නෙ...?
හයර් එකක්...
කෙල්ලො ටිකක්....?
ගාමන්ට් එකෙ...
හැට හතරයි....
තාම තිහයි....
වේගෙ ඕයි....
වැඩිද සර්....?
ඒක තමයි...
ඉතින් සර්.....?
එකේ ඉදන්....
ඉතින් සර්.....?
දැන් පහයිනෙ...
ඉතින් සර්.....?
වතුරත් නැහැ...
ඉතින් සර්....?
දඩේ ලොකුයි....
ඒක තමයි....
හිතන්නෙපා පගා දෙන්න....
ජීවිතේට දීලත් නැහැ....
දඩේ ලොකුයි....
ඒක තමයි....
ලියමු දඩේ....
අනේ සර්....
හිතල බලමු....
එලනෙ සර්....
දැන් පහයිනෙ....
ඉතින් සර්.....?
වතුරත් නැහැ...
ඉතින් සර්....?
දඩේ ලොකුයි....
මේක ගන්න.....
එහෙම හොඳයි....
හික්..හික්..හික්..
සීයද බං.....?
අනේ සර්....
හ්ම්...හ්ම්...
ලයිසන් එක...?
මෙන්න ගනින්...
ඉන්ෂූරන්ස්...?
මෙන්න ගනින්...
යන්නම් සර්....
හ්ම් පලයන්....
විසිල් එකක්... මලා හුටා.....

20 comments:

  1. ඔන්න හාපුරා කියල මුල්ම කොමෙන්ටුව මගෙන්. සිංහල බ්ලොග් අවකාශයට සාදරෙන් පිලගන්නවා.
    එහෙනම් ආයෙත් එන්නම්
    බලාගෙනයි...
    හොඳයි සර්...
    ඉස්සරහත් ඇති...
    හෙම්න් යන්නම් සර්..

    ReplyDelete
  2. මේකෙ word verification අයින් කරනවනම් කොමෙන්ටු දාන්න ලෙසියි. පොඩ්ඩක් ඒගැනත් හිතල බලන්න.

    ReplyDelete
  3. @ඒබී.....
    බොහොම ස්තූතියි.... ඔන්න මම word verification අයින් කලා..... මට තාම මේකෙ settings වල තියෙන සමහර දේවල් මඤ්ඤං අනේ....

    ReplyDelete
  4. හඃ හඃ හා . . එලම එල කවියකින්ම වැඩේ පටන් අරන් තියෙන්නේ . . ඔහොම යන් ඔහොම යන් . . අපි ඉන්නවා ඉඳලා හිටලා ඇවිත් හොඳ නරක කියලා යන්න . ..

    ReplyDelete
  5. බොහොමත්ම ස්තූතියි දුකා...... ඒ වචන ටික මගෙ ඉදිරි ගමනට ලොකු තල්ලුවක් වේවි..... අළුත් අපිට ඔයාලගෙ උදව් ඕනමයි......

    ReplyDelete
  6. දුකා කිව්වා වාගෙම නියම කවිය...
    චිත්‍රය මැවිලා පේනවා...

    ReplyDelete
  7. සීයක් වැඩිදත් මන්දා. ආයුබෝවන් කිව්වා එහෙනම්.

    ReplyDelete
  8. කංචු මලේ . . . නියමයි. අද තමයි උඹේ බ්ලොග් එක දැක්කෙ. මේ පැත්තෙ ආව දුකාගෙ මූනු පොතේ ලින්ක් එක හරහා. දිගු ගමනක් යන්නට මෙන්න මගෙන් විසිල් පාරක් . . .!

    ReplyDelete
  9. මේ විදිහටමවෙනස් මානයක කවි දකින්න මග බලාගෙන ඉන්නවා
    සුභ පැතුම්

    ReplyDelete
  10. ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා සහෝ

    ජය෴

    ReplyDelete
  11. තිස්ස,
    änthräX,
    දුමී ,
    RanDil,
    roylyfernando,

    ගොඩාක් ස්තූතියි ඔයාල හැමෝටම.

    ReplyDelete
  12. වෙනස් ආරක නිර්මාණයක්!

    සරලයි! ඒත් අපූරුයි!

    ReplyDelete
  13. හ්ම්ම්ම් බ්ලොග් පෝස්ට් දැමීමේ වේගය වැඩි කලහොත් විසිල් පාරක් දියහැක.:D
    සුභ පැතුම්..!!

    ReplyDelete
  14. හා හා පට්ට... ඔන්න එහෙනම් මේ පැත්තෙනුත් විසිල් එකක්... ට්‍රීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊන්ග්....

    ReplyDelete
  15. අර උඩ එකේ සද්දේ විසිල් එකක් නෙමෙයි වාගෙද මන්දා :0

    ReplyDelete
  16. ඈ බොලේ.. මේක මටත් වුණ එකක්නේ... උඹ කොහොමද දැන ගත්තේ....
    හොඳා හොඳා ඔහොම යමු....

    @කුෂාන් ඇස්. වන්නිආරච්චි....
    ඕක මොන විසිල් එකක්ද බන්.. එලාමි ඔරලෝසුවක්නේ..
    හික් හික්...

    ReplyDelete
  17. මචන්.. උඹේ ග්ලෝබල් ටයිම් එක මොකක්ද දාලා තියෙන්නේ... ලංකාවේ ද..? නැත්නම් උඹ ඉන්න වෙන රටකද..?

    ReplyDelete
  18. @ sansarasidu
    තෑන්ක්යූ වේවා මචෝ......


    @nimanthi
    ඔව් ඔව්.....තව කවි ටිකක් ලියන්න හිතාගෙන ඉන්නවා.... බලමුකො ඉස්සරහට. වෙලාව තියෙන විදිහට ලියනවාමයි.....


    @කුෂාන් ඇස්. වන්නිආරච්චි
    හරි හරි මචෝ..... උඹේ බෙල් විසිල් එක ඇහුනා... ස්තූතියි මචෝ.....


    @Jeew
    ලංකාවෙ ඩ්‍රයිවර්ල ඔක්කොටොම මේ පෝස්ට් එක බලන්න පුලුවන් උනා නම් ඒ අය මොනව කියයිද බං ? ( "ඔය මහත්වරුන්ට අපහාස කරන්න එපා මිනිහො" කියල කියයි නේද? හිකි හිකි හිකි හිකිස් )

    ආ මචං.... ම්ම ඉන්නෙ කටාර් වල

    ReplyDelete
  19. සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන්න ආපු අළුත් සගයාට දිගු ගමනක් යන්න සුභ පැතුම්.

    මට නම් තාම ලයිෂන් නැහැ. බයික් එකේ ලයිෂන් කරන එකත් මාස 2 ක් විතර පරක්කු වෙලා තියෙන්නේ. ඒත් ෂේප් එකේ පදිනවා. අහුවුණු වෙලාවට ඔයා කියපු සබ්බුව තමා වෙන්නේ :)

    ReplyDelete
  20. http://www.sriptc.blogspot.com/

    ReplyDelete

Related Posts with Thumbnails