Friday, August 13, 2010

කම්බ හොරු 02 ( මැණික් පැන්නීම )


මේ සිදු වීමත් අර රත්‍රන් අලි හොරකම සිදු උන කාලෙදිම සිදු වෙච්ච හොරකමක්. මේ හොර දෙටුවන්ගෙ විශේෂ දක්ෂකම තමයි අපි හැමෝම නොදකින පැත්තක් ගැන හොරා විසින් සම්පූර්ණ විශ්වාසයකින් හොරකම සිදු කිරීම.
මේ සිදුවීමට අදාල ප්‍රදේශයනම් රත්නපුර. රත්නපුර නගරයේ ඉහල ආරක්ෂාවක් තියෙනව වගේම, නගරයේ තියෙන සෑම මැණික් කඩ සාප්පුවක්ම තම තමන්ගෙ ආරක්ෂාව ගැන දක්වන්නෙ බොහොම ලොකු උනන්දුවක්.
දවසක් මේ එක මැණික් සාප්පුවකට උදේ පාන්දරම සාප්පුව ඇරපු ගමන්ම වගේ ජැන්ඩි පහට ඇඳගත්තු තරුණ හාදයෙක් ගොඩ උනා.
"මට ලක්ෂ 50 ක් විතර වටින මැණිකක් ඕන කරල තියෙනව. මගෙ යාලුවෙක් අඳුනන ජර්මන් කපල් එකක් ලංකාවට ඇවිත් ඉන්නව. එයාලට තමයි මැණික ඕන කරන්නෙ. යාලුව මට කිවුව ගානක් තියාගෙන හොඳ එකක් බලන්න කියල."
මේ හාදය චුයින්ගම් එකක් හපන ගමන් තමන් පැමිණි කාරනාව සාප්පුවෙ අලෙවි සේවකයින්ට පැහැදිලි කලා.
ටිකක් වෙලා කතා බහ කර හිටියහම සාප්පුවෙ අයට තේරුනා මේ මෑන්ට මැණික් ගැන හොඳ දැනුමක් තියෙන, මැණික් බිස්නස් කරල හොඳට පුරුදු පොරක් බව.
"මේ රාක්ක වල තියෙන්නෙ වටිනාකම අඩු ඒව. අපි අතුලෙ තියෙන රූම් එකට යමු. අපේ වටින මැණික් තියෙන්නෙ එතන." එහෙම කියල සාප්පුවෙ ඉන්න සේවකයෙක් මේ තරුණයාව ඇතුලට එක්ක ගියා.
කොහොමින් කොහොම හරි වටිනා කියන මැණික් ගල් කිහිපයක් තෝරා, ඒවායින් එකක් මිලදී ගන්න මේ දැන්මම ඉතා ඉක්මනින් මුදල් රැගෙන නැවත පැමිණෙන බව කියන ගමන් මේ තරුණය යන්න හැදුව.මේ අතරෙදි තමන් ආරක්ෂිත තැන් වලින් එලියට ගත්ත මැණික් නැවත අහුරමින් සිටි සාප්පුවෙ අයට තේරුනා ලක්ෂ 50කටත් වඩා වටින එක් මැණිකක් අඩු බව.
" මම ආවෙ බිස්නස් එකක් කරන්න මිසක් හොරකම් කරන්න නෙමෙයිනෙ." සාප්පුවෙ අයගෙ මූලික ප්‍රශ්ණ කිරීම් හමුවේ තරුණය දුන්නෙ එහෙම පිලිතුරක්. ඒ පිලිතුරෙන් සෑහීමකට පත් නොවුන සාප්පුවෙ හිමිකාර මෑන් මේ තරුණයගෙ ඇදුම් ගලවල චෙක් කරන්න තීරනය කලා. මුලින් ටිකක් අකමැති උනත් තමන්ගෙ නිර්දෝශී බව ඔප්පු කරන්න තරුණය ඒ තීරනේට එකඟ උනා. ඒත් මැණික හම්බ උනේ නැහැ.
මැණික ගිල්ල වෙන්නත් පුලුවන්. එහෙම සැක කරල අන්තිමට x-රේ එකක් අරගන්න තැනට වැඩේ දුරදිග ගියා. ඒකත් කරල අන්තිමට තරුණය මැණික ගිලල නැති බවත් තහවුරු කර ගත්ත.
"අපිට ඔයාව සැක කරන්න උනාට සමාවෙන්න.අපේ අයගෙ අතින් කොතන හරි වැරැද්දක් වෙලා ඇති. මහත්තය ඕන වෙලාවක ඇවිත් අපෙන් බඩු ගන්න. අපි අඩු කරල දෙන්නම්." සාප්පුවෙ හිමිකරු එහෙම කිවුවෙ තව දුරටත් මේ තරුණයාව සැක කරන එක තේරුමක් නැති දෙයක් කියල හොඳින්ම තේරුම් ගත්ත නිසාමයි.තරුණය පිටත්ව ගියාට පස්සෙත් නැති වුන මැණික හෙවුවත් හොයාගන්න බැරි උනා.
දවස් කිහිපයක් ගෙවිල ගියා.
" අපරාදෙ .... එදා බිස්නස් එක ගහල ගියානෙ. බලමු අදත් ටිකක් වටින එකක් "දවසක් උදෙන්ම මෙහෙම කියාගෙන අර තරුණ පොර මැණික් සාප්පුවට ගොඩ උනා.සාප්පුවෙ අයටත් අවිස්වාස කරන්න දෙයක් නැති නිසා සාප්පුව ඇතුලෙ වටිනා මැණික් තියෙන කොටසටම මේ තරුණයව කෙලින්ම අරගෙන ගියා.
"අද මගෙ කස්ටමර්ට හරියන ගලක් මෙතන නැහැ. මට පොඩ් එකක් ඕන කරලත් තියෙනව. බලමු පොඩි ගලක්"මෙහෙම කියපු පොර මේ සාප්පුවෙන් ලක්ෂ 3 1/2 කට පොඩි මැණිකකුත් අරගෙන යන්න ගියා.
මෙහෙම කාලය ගෙවිල ගියා. සාපිපුවෙ හිමිකරු ලක්ෂ 50 මැණික ගැන අදහස අත්හැර ගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසාමයි. සති කිහිපයකට පස්සෙ මේ මැණික් සාප්පුවෙ අය ඔක්කොම එකතු වෙලා සාප්පුව අස්කරන්න ගත්ත. එහි වැඩ කරන සේවකයෙක් අහම්බෙන් දැකපු දෙයක් සාප්පුවෙ හිමිකාර මෑන්ට පෙන්නුව. ඔන්න එතකොටයි සති කීපයකට උඩදි ලක්ෂ 50 මැණිකට උන දේ හැමෝටම තේරුනේ.
සාප්පුව අතුලෙ වටිනා මැණික් තියෙන කොටසෙ තිබුන මේසයක යට පැත්තෙ අලවල තියෙන චුයින්ගම් එකක මැණිකක සළකුණු යස අගේට සටහන් වෙලා තියෙනව.දෙවෙනි පාරට ලක්ෂ 3 1/2 මැණික ගන්න ඇවිත්, අරගෙන ගිහින් තියෙන්නෙ ඒ ලක්ෂ 3 1/2 මැණික විතරක් නෙමෙයි කියල කාට කාටත් තේරෙනකොට.......
මේකත් සත්‍ය සිදුවීමක්.මේ සිද්දියත් කියවපු පත්තරේ මතක නැහැ වගේම ඒක වාර්තා කලේ කවුද කියලත් මතක නැහැ....
අන්තිමේදි කියන්න තියෙන්නෙ "අපිට මේව හොඳ පාඩම්" කියල තමයි ඉතින් නේද??

13 comments:

  1. ඇත්තනේ කතාව. මොකද මේක සින්ඩිකේටර් එකකට දාන්න අදහසක් නැද්ද. ගොඩදෙනෙක්ට කියවන්න එන්න පුළුවන්නේ එහෙම දැම්මොත්.

    ReplyDelete
  2. ආ ඔය කතාව ඇත්ත එකක්.... මාත් පොඩි කාලෙ ඕක ඇහල තියනවා,
    [ඔන්න දැන් ගොඩ දෙනෙක්ට බ්ලොග් එක කිය්වන්න පුලුවන්]

    ReplyDelete
  3. ඔන්න මම සින්ඩිකේටර් එකකට දැම්ම මගෙ බ්ලොග් එක.ප්‍රියන්ත ස්තූත්යි මචෝ....

    ReplyDelete
  4. මොළේ වෙන දේකට ප්‍රයෝජනයකට ගත්ත නම් හොඳ තැනකට එන්න තිබ්බ.....

    ReplyDelete
  5. හප්පා........ මෙහෙමත් හප්පෝ.......... මොන තරම් උපායශීලිද නේද?

    ReplyDelete
  6. මාත් මේ කතාව කියවල තියෙනවා ගොඩක් කාලෙකට ඉස්සර. කංචු මල්ලිට මේව මතක තියෙන එකනෙ නියම වැඩේ.

    සින්ඩියට දාපු එකනම් හොඳයි . . . එතකොට තමා වැඩි දෙනෙක් බ්ලොග් එක ගැන දැන ගන්නෙ.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කංචු මලේ බ්ලොග් එක තව ටිකක් ලස්සන කරගන්න පොඩි උපදෙස් ටිකක් දුන්නට තරග වෙන්නෙ නැහැ නේද ? මමත් බ්ලොග් කරන්න ආපු අළුත දුකා තමයි ඉස්සෙල්ලම ස්ටැට් කවුන්ටරේ දාගන්න කියල දුන්නෙ. ඒ වගේම වත්, රන්දිල්, බනී, හසිත මල්ලි පොඩි පොඩි ටිප්ස් දුන්නා ගොඩක් ප්ර.යෝජනවත්.

    ඉතින් මමත් ගොඩක් ප්රොනජෝජනවත් විජට් ටික කියල දෙන්නම්. මේව එකින් එක දාගන්න.

    මේ විජට් එකෙන් පිටු පෙරලපු ගාන දැනගන්න පුළුවං. ඒ වගේම එක එක පෝස්ට් වලට ආව හිට්ස් වෙන වෙනම බලාගන්න පුළුවං. ඒවගේම ආපු කට්ටියගෙ අයි.පී. ඇඩ්රආස් වගේ දේවල් මේකෙන් බලාගන්න පුළුවං. මේක තියෙන්න ඕනම එකක්.
    Stats counter
    http://www.statcounter.com/

    පරණ ලිපි වල ලින්ක් අළුත් ලිපියට යටින් දානව මේ විජට් එකෙන්. හරිම ප්ර්ජෝජනවත් එකක්. අළුතෙන් සයිට් එකට එකන් අයට පරණ ලිපි ගැන දැනුවත් කරනවා මේකෙන්. මොකද ගොඩක් අය "ආර්කයිව්" එකට ගිහිල්ල පරණ ලිපි බලන්න කම්මැලියි :)
    LinkWithin
    http://www.linkwithin.com/learn?ref=widget

    මේකෙන් පුළුවන් මූනු පොත, ට්වීටරේ වගෙ සොෂල් නෙට්වර්කින් සයිට් වලට පෝස්ට් එකේ ලින්ක් එක ලේසියෙන් දාන්න. තමන්ගෙ පෝස්ට් එක අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න මේක හරිම ප්ර්ජෝජනවත්.
    Sharing is caring,
    http://www.cooltricksntips.com/2009/09/add-sharing-is-sexy-social-bookmarking.html

    ලෝකෙ රටවල් වලින් බ්ලොග් එකට ආපු ගණන මේකෙන් බලා ගන්න පුළුවං. ලෝක සිතියමේ පුන්චි තිතක් දාල ආපු රටවල් ගණන මාක් කරනව.
    Cluster Map
    http://www.clustermaps.com/

    අළුතෙන්ම බ්ලොග් එකට ආපු කට්ටියයි, දැන් සයිට් එකෙ ඉන්න අයඉ මේකෙන් බලාගන්න පුළුවන්.
    Live traffic feeds
    http://www.feedjit.com/

    ඒ වගේම මතක තියාගන්න දාන්නං වාලේ අනවශ්යක විජට් දාගන්නත් එපා මොකද සයිට් එක ගොඩක් ස්ලෝ වෙනවා එතකොට. එහෙම උනොත් ගොඩක් කට්ටිය එන එකක් නැහැ මොකද ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යන හින්ද.

    ඊලඟ එක, විජට් අඩ්ඩ් කරන්න කලින් තියෙන ටෙම්ප්ලේට් එක සේව් කරල ඉන්න. මොකද එතකොට මොකක් හරි වැරදුනාම ආපහු රීස්ටෝර් කරගන්න පුළුවං ගේමක් නැතුව.

    ආ තව පොඩි දෙයක්, හැම පෝස්ට් එකටම වගේ ගැලපෙන පිංතූරයක් දාන්න. එතකොට ආකර්ෂණය වැඩි වෙනවා වගේම ලින්ක්විතින් විජට් එකත් හරිම ලස්සනට එනවා.

    ReplyDelete
  9. බොහොමත්ම ස්තූතියි දුමී අයියා........ මේ දීපු තල්ලුව ගොඩාක් වටිනව මට......

    ReplyDelete
  10. කාලෙකට ඉස්සෙල්ලා මන් බෑලුවා oceans 11,12,13 කියලා චිත්‍රපට මාලාවක්. එකෙත් තියෙන්නේ ඔය වගේ රොබරි සීන් එකක්. ඒක බලද්දි මන් හිතුවා කවදාවත් මෙහෙනම් ඔය වගේ ගෙම් දෙන එකක් නෑහෑ කියලා. මොන මුන් ඊට වඩා හපන් නොවෑ. :D

    ReplyDelete
  11. @ හා පැටික්කි (MS)
    එක පාරටම මම හිතුවෙ මට කියනවයි කියලනෙ.චුට්ටක් චුට්ටක් හිතන කොටනෙ තේරුනේ හොරා ගැනයි කියන්නෙ කියල.

    @ RanDil
    මේ වගේ වැඩ වලින් බේරෙන්න හරිම අමාරුයි.අනික නීතිය ඉස්සරහට යන්න උනත් සමහර විට පරක්කු වැඩියි.

    @ හසිත මදුශංක
    දැන් දැන් මිනිස්සු හුඟාක් කපටි වේගෙන එනව. ඇත්තටම මේක හොඳ ප්‍රවනතාවයක් නෙමෙයි.

    ReplyDelete
  12. අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කිව්වාලුනේ. මෙහෙම පොරවල් හොඳ පැත්තට මොකුත් හිතන්නේ නැහැ. මොකක් හරි ජල්බරියක් ගැන තමා හිතන්නේ :)

    ReplyDelete
  13. මමත් ඔය කතාව අහල තියනව..........
    ඔන්න එහෙනම් මමත් කියෙවුවා......
    ඔබට ජයෙන් ජය ..........................!

    ReplyDelete

Related Posts with Thumbnails