Tuesday, September 14, 2010

කවුරු කවුරුද හොරු....?


මේ මීට අවුරුදු හතරකට විතර උඩදි මගෙ තාත්තගෙ හිතවතෙකුට ( මමත් අඳුනනව ඒ අයියව ) සිද්ද වුන සිදුවීමක්.මේ කතාව මට කීවෙ මගෙ තාත්ත. ස්ථානය තමයි කොටුවෙ බෝ ගහ ලඟ. බෝ ගහ ලඟ ඉඳල කොටුව දුම්රිය පොල පැත්තට ( ඕල්කොට් මාවත ) පේව්මන්ට් එක දිගේ ගුණසේන පොත් සාප්පුව ඇති පැත්තෙන් පයින් ඇවිදගෙන යනකොට ඔරලෝසු විකුණන තැන් කීපයක් තිබුන සමහර විට මතක ඇති. 2008 අගෝස්තු 30 වෙනිද බෝම්බයක් පුපුරාපු ( අවශ්‍යනම් මෙන්න ඒ විස්තරේ ) ඔය ඉහත ඡායාරූපයේ තියෙන,බෝ ගහ පෙනෙන මානයේ තිබුන ඔරලෝසු ලෑල්ල හුඟ දෙනෙකුට අමතක වෙන්න විදිහක් නම් නැහැ.ඔන්න සිද්ධිය උන තැන. සෙනඟ ටිකක් අඩු දවසක් එදා. වෙලාව උදේ 10.00 ට විතර ඇති. ඒත් ඔය ඔරලෝසු ලෑල්ල නිසාම එතන පේව්මන්ට් එකේ තියෙන පටු ඉඩකඩ ගාව සෙනඟ එක් රැස් වෙනව.
අපේ හිතවතත් මොකක්දෝ වැඩකට කොළඹ ආපු ගමන්. ඔය ඔරලෝසු ලෑල්ල ගාවින් යන ගමන් ඔතන තිබුන පුංචි තදබදය නිසාම චුට්ටකට නැවතිලා ඔරලෝසු ලෑල්ල දිහාවට එබුන.
සෙනඟ අතරින් කළු, මිටි, වයස 40ක විතර, පොරක් එක පාරටම අපේ හිතවතාගෙ දිහාවට කඩාගෙන පැන්න. ඒ නිකම්ම නෙමෙයි. වම් ඇහැටත් හොදට දැනෙන්න වම් කන පුරෝල කම්මුල් පහරක් දෙන ගමන්. ඒත් එක්කලම අර කොට පොර, අපේ මෑන්ව බිම පෙරල ගත්ත.සෙනඟ ටික දෙනෙක් එක් රොක් වෙන එක ඉතින් සිරි ලංකාවෙ අනිවාර්යයෙන් වෙන දෙයක්නෙ. "ඇයි මේ මට ගන්නෙ....?" කියල අහන්නත් ඉස්සර බෝ ගහ ලඟ හිටපු පොලිස් රාළහාමිල දෙන්නෙකුත් එතනට ආව.
"මේක ලෑල්ලෙන් එකක් ඉස්සුව සර්........"
එහෙම කියාගෙනම කළු කොට මෑන් අපේ මෑන්ගෙ කලිසමේ සාක්කුවකට අත දාල වටින කියන ඔරලෝසුවක් සාක්කුවෙන් එලියට අරගෙන..... ඒ ඔරලෝසුව තමන්ගෙ සාක්කුවට දැම්මෙ, කනේ පාර දීල බිම දාගත්ත වෙලාවෙ අර කළු කොට මෑන්ම තමයි කියල අපේ මෑන්ට තේරුනත් පොලිසියෙ රාලහාමිල ඉස්සරහ මේ වෙනදේ කොහොම තේරුම් කරන්නද කියල අපේ මෑන්ට වැටහීමක් නැතුව ගිහින්. අනික දීපු කනේ පාරත් උන් හිටි තැන් අමතකවෙන්නම වැදිල.
"මම ඔරලෝසුව ගත්තෙ නැහැ, මගෙ කනට ගහන ගහල බිම පෙරලගන්න වෙලාවෙ තමයි මගෙ කලිසමේ සාක්කුවට ඔය ඔරලෝසුව දැම්මෙ" කියල අර පොලිසියෙ රාළහාමිලට පුලුවන් හැම විදිහටම තේරුම් කරල දුන්නත් පොලිසියෙ රාළහාමිල දෙන්න ඒක පිලිඅරගෙනම නැහැ.
"එක්කෝ පොලිසි යමු, එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට කීයක් හරි දීල මේක ගොඩින් බේර ගන්න" පොලිස් රාළහාමිල දෙන්නගෙම පිළිතුර ඒක. පොලිස් රාළහාමිල දෙන්නගෙ හැසිරීමෙන් මේ "ඔරලෝසු සහ කලිසම් සාක්කු" සෙල්ලම ඒ අය දන්න සෙල්ලමක් කියල සැක හිතුන නිසාම ඒ අයගෙ නිල ඇඳුමෙ තියෙන අංකයන් දිහා බැලුවත් ඒවා පපුවට තද උන ලොකු ඩයරි වලින් වැහිල.
පොඩි හරි සහනයක් බලාපොරොත්තුවෙන් අතේ තිබුන ජංගම දුරකතනයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කලත් පිළිතුර උනේ "පොලිසියෙ දෙන්නෙක් ඉන්නවනම් ඒ අය එක්ක පොලිසියට ගිහින් විසඳා ගන්න" කියලයි.
ඒකෙන් වෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවාටත් වඩා වැඩි දෙයක් කියල අපේ මෑන් තේරුම් අරගෙන ඉවරයි ඒ වෙනකොටත්.
රාළහාමිල දෙන්න කතා කරල තියෙන්නෙම අර ඔරලෝසු වෙලෙන්දන්ගෙ පැත්තට. අන්තිමට කොහොම හරි ගෙදර එන්න රුපියල් පනහක් තියාගෙන පර්ස් එකම හූරල හූරල රුපියල් හත්සිය ගානක් අර කළු මිටි පොරට දීල. අන්තිමට අපේ මෑන් එතනින් පිටත් වෙලා ගෙදර එන්න පිටත් උනා.
"හවස් වෙලා ගෙදර එනකොටත් කන හෝ.... ගානව. ඒ මදිවට මූනෙ වම් පැත්ත ඉදිමිලා තිබුන. වම් ඇහැත් රතු වෙලා තිබුන"මේ සිද්ධියෙ අවසන් ප්‍රතිඵලය ගැන අපේ තාත්තට කියල තිබුනෙ එහෙම.
පේව්මන්ට් එකේ හෝ වේවා වෙන කොහෙදි හෝ වේවා ජඩ වැඩ වෙනව තමයි. ඒව නවත්තන්නත් ඔන තමයි. ඒත් ඒවට පොලිස් නිලධාරීනුත් සම්බන්ධනම්..........
වැදගත් -
( යහපත් කල් ක්‍රියාවෙන් අවංකව රටට ජනතාවට සේවය කරන පොලිස් නිලධාරී මහතුනි, මේ චෝදනාව ඔබට නොවේ.)

8 comments:

  1. ඔය වගේ දෙවල් තාමත් වෙනව. පොලීසිය ක්ව්වට ඒ හැමොම මහත්වරු නෙවේනේ. හොරාගෙන් ගාන කපාගෙන හොරාටම කත් අදින හොර පොලිස් කාරයොත් ඕන තරම් ඉන්නවා. ස්තුතිය මචං මේවා පෙන්නල දෙනවට. මොකද අපේ රටේ ගොඩක් අය පාරෙ යන්නේ ඇස් පියාගෙන.

    ReplyDelete
  2. කංචුව හොයාගන්න පොඩ්ඩක් පරක්කු වුණා. සින්ඩිය පැත්තෙ වැඩිපුර යැවෙන්නෙ නැහැ. ගියහම පැය 4 ක් 5 ක් එවගෙ ඉන්නවා. කොහොම උනත් බොහොම පරිස්සමෙන් තමයි ඉන්න ඔනා. නමුත් තමන්ගෙ අවංකකම හොරු ඉස්සරා නැති වෙන්න නම් මම කවදාවත් ඉඩ තියන්නෙ නැහැ. මොකද ඔක විතරයි ඉතුරු වෙන්නෙ. හරියට තදට හැසිරුණා නම් ඔයාගෙ යහලුවා.

    ReplyDelete
  3. පගා ගහන ගැහිලි බැලුවහම පොලිසියේ ඉන්නෙ ලංකාවෙ ඉන්න ලයිසං තියෙන හොරු ටික තමා. උඩ ඉඳන් පල්ලෙහාටම එහෙමයි. අනික පිට කොටුවෙ ඉතින් වෙන දේවල් වල හැටියට ඔයිට වඩා දේවල් උනත් බලාපොරුත්තු වෙන්න ඕනෙ.

    ReplyDelete
  4. @priyantha.ඒබී
    සහතික ඇත්ත මචෝ ...."පොලිසිය" කියන වචනෙ පාවිච්චි කරල පත්තර වලට මේව ලියන අයත් හරිම අඩුයි. සාක්ෂි හදන්නෙත් මේ අය, සාක්ෂි වහන්නෙත් මේ අය. සැලලිය යුතු පිරිසක් ඉන්නව පොලිසිය ඇතුලෙ මේ වැඩ කරන.
    @ රවා
    සාදරයෙන් පිලිගන්නව රවා ව කංචුගෙ ත්‍රිමාන බ්ලොග් අඩවියට....... උඹ කියන දේ හරි මචෝ..... මමත් එහෙම තමයි... ඒත් මේ කතාවට අදාල අයිය ගමේ උනත් හරිම අහිංසක විදිහට තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්. එයා හිතල තියෙන්නෙ පොලිසි ගියොත් එදා ගෙදර එන්න වෙන එකක් නැහැ කියලයි, නිකරුනේ කූඩුව් ලගිනවට වඩා කීයක් හරි දීල බේරෙන එක හොඳයි කියලයි. එක අතකට ඒකත් හරි නේද......

    @ දුමී
    ඒක ඇත්ත දුමී අයිය....
    පොලිසියෙ පගා ගැහිල්ලකට අහු නොවුන ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න එක කොයි තරම් අමාරුද....... "ලයිසන් තියෙන හොරු" කියන වචනෙට මම සම්පූර්නයෙන්ම එකඟයි. හොඳ අයත් ඉන්නව. ඒ අයගෙ හොඳ වැඩත් කැපිල යනව අර හොරු ටික නිසා.

    ReplyDelete
  5. ලංකාවේ තියෙන දූෂිතම ආයතන ගැන කියද්දි මේ ළඟකදි ඇමතිවරයෙක්ගෙන් පවා කියැවුණා නෙව ශ්‍රී ලංකා පොලිස් සේවයේ තරම...

    ReplyDelete
  6. හැබැයි මේ වෙද්දී නම් පිටකොටුවේ පදික වේදිකාවේ තිබ්බ කඩ ඔක්කෝම ඉවත් කරලානේ තියෙන්නේ. ඒත් කෝකටත් මෙහෙම කතාවක් දැනගත්ත එකත් හොඳයි අයියා

    ReplyDelete
  7. හැමෝම නෙමෙයි, ඒත් සමහර පොලිස් නිලධාරින්ගෙන් අපිට ඔය දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා, මොකද මේක ලංකාවනේ.
    :)

    ReplyDelete
  8. @ sansarasidu,
    ඔවු ඔවු...... මටත් මතකයි.... ඇමතිල ඔහොම කියුවට ඒ අයගෙන් වැඩි හරියක්...... අනේ මන්ද.... වැටත් නියරත් ගොයම් කයි නම්.....

    @Hasitha,
    අයින් කරල කියල මමත් නිවුස් වලින් දැක්ක. රජයක් මාරු වෙනකොට ඕව ඔහොමම තියෙනවනම් හොඳයි. මටනම් දකින්නත් ආසයි. අප්පා ඒ දවස් වල විඳපු දුකක් කොළඹ නගරයෙ ඇවිදින්න.


    @Ansh Lucky Sri Jay,
    ආ.... හිතුවක්කාරියේ...... සාදරයෙන් පිළිගන්නව කංචුගෙ අඩවියට......
    ඇයි අපට මේ තත්වය වෙනස් කරන්න අමාරු...... අපේ වැරදිත් එක හේතුවක් මේ දේවල් වෙන්න. එහෙම නේද.....

    ReplyDelete

Related Posts with Thumbnails